Home » ‘සීතාවක හටන’ අගමැතිට පිළිගන්වයි

‘සීතාවක හටන’ අගමැතිට පිළිගන්වයි

by yasara
November 10, 2023 11:53 am 0 comment

සිංහල ප්‍රශස්ති හා හටන් කාව්‍ය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප්‍රකාශයට පත් කළ ‘සීතාවක හටන’ කෘතිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී අද (10) දින පිළිගන්වනු ලැබිය.

මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, අතිරේක ලේකම් කේ.ඒ.ඩි.ආර්. නිශාන්ති ජයසිංහ, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් සී කුරුප්පු යන මහත්ම මහත්මිහුද සහභාගී වූහ.

මෙහිදී අමාත්‍යංශ ලේකම්වරයා විසින් පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා වෙතද කෘතිය පිළිගැන්වීය.

‘සීතාවක සටන’ සම්මානිත මහාචාර්ය රෝහිණි පරණවිතාන විසින් සංස්කරණය කර ඇති අතර සීතාවක යුගයේදී ම(1507දී) එය රචනා කර ඇත්තේ අත්තන්හරි අබය අලහප්පෙරුම විජයවර්ධන කවියා ය.

මෙම රචනය මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්වන්නේ පළමු වතාවටය. සීතාවක යුගයේ සජීවීව සටන්වලට දායක වූ අයෙකු ලෙස සැලකෙන අලහප්පෙරුම කවියාගේ මෙම හටන් කාව්‍ය, පැරණි ම සිංහල හැටන් කාව්‍ය ලෙසද විද්‍යාර්ථීන්ගේ ආශ්‍රයට යොමුවිය යුතු කෘතියකි.

අනෙක් පැත්තෙන්, සීතාවක මායාදුන්නේ සහ පළමුවන රාජසිංහ රජවරු මෙහෙයවූ යුද්ධ පිළිබඳ රචනා වූ මෙම කෘතිය ඒ යුගයේ දේශපාලන තත්ත්වය, පොදු ජනතාවගේ සිතිවිලි, ඔවුන්ගේ බස් වහර ගැන හෙළි කරන්නකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT