Home » 18ට වැඩි පිරිමින්ගේ මත්පැන් භාවිතය ගැන නවතම හෙළි දරව්වක්

18ට වැඩි පිරිමින්ගේ මත්පැන් භාවිතය ගැන නවතම හෙළි දරව්වක්

by chanaka
November 10, 2023 11:28 am 0 comment

අවුරුදු 18 ට වැඩි පිරිමි ජනගහනයෙන් සියයට 35ක් මද්‍යසාර භාවිතා කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මද්‍යසාර පරිභෝජනය ලීටර් 4.3ක් බවත් මද්‍යසාර භාවිතා කරන පිරිසේ ඒක පුද්ගල මද්‍යසාර පරිභෝජනය ලීටර් 18.9ක් බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

භාවිතා කරන මද්‍යසාර වර්ග අතුරින් වැඩිම දෙනෙක් භාවිතා කරන මද්‍යසාර වර්ගය අරක්කු වන අතර බියර් භාවිතය දෙවැනි තැන ගන්නා බව පවසන එම මධ්‍යස්ථානය කසිප්පු භාවිතය මද්‍යසාර භාවිතා කරන අයගෙන් සියයට 10ට වඩා වැඩි නොවන බව පවසයි.

දුප්පත් පවුල්වල අදායමෙන් තුනෙන් එකක් පමණ අරක්කු, බියර්, කසප්පුවලට වියදම් කරන බවත් මද්‍යසාර සමාගම් දුප්පත් මිනිසුන්ගේ මුදල් සූරාකමින් ඔවුන් තවදුරටත් දුප්පත් කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

රටේ ආදායම වැඩි කරගන්න නම් මද්‍යසාර බඳු වැඩිකළ යුතු බවත් ඉන් ජන ජීවිතය ඉහළට ඔසවා තැබිය හැකි බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

නීති විරෝධි මද්‍යසාර වැඩි වීමෙන් රජයට බදු නොලැබෙන බව පවසමින් මද්‍යසාරවල මිල පහත දැමීමට හා අළෙවි සැල් වැඩි කර ගැනීමට සිදුකරන විද්‍යාත්මක නොවන තර්ක වලට නොරැවටිය යුතු බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

නීති විරෝධි මද්‍යසාර අවම කිරීම කළයුතු අතර ඒ සඳහා ඇති ආයතන ශක්තිමත් කිරීමට ක්‍රියාත්මක විය යුතු බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT