548
රාවණා දිය ඇල්ලේ ජල මට්ටම එක්වරම ශීඝ්රයෙන් ඉහළ යෑම හේතුවෙන් දිය ඇල්ලේ දියනෑමට සහ දිය ඇල්ල අසලට ගමන් කිරීම පවා තහනම් කර තිබෙයි.
ඒ මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බව වාර්තා වෙයි.
මේ දිනවල හැකිතාක් දිය ඇල්ල සමීපයට යෑමෙන් වළකින ලෙස බදුල්ල දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි