Friday, April 18, 2025
Home » ක්‍රිකට් යෝජනාව ඒකමතිකව සම්මතයි

ක්‍රිකට් යෝජනාව ඒකමතිකව සම්මතයි

by chanaka
November 9, 2023 7:14 pm 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉල්ලා අස්විය යුතුයි යන ස්ථාවරය පිළිබඳ ඒකාබද්ධ යෝජනාවක් සම්මත කර ගැනීමේ ඡන්දය අද (09) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.

ඒ අනුව එම යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය.

යෝජනාව පිළිබඳ විවාදය අද පෙරවරු 09.30 සිට 05.30 දක්වා පැවැත්විණි.

කෙසේ වෙතත් අදාළ ජන්ද විමසීමේ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු මන්ත්‍රීවරයෙකු සහභාගී වී නොසිටීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒම සඳහා ඊයේ (08) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT