මේ වන විට මෙගාවොට් 700 ක සූර්ය බල ව්‍යාපෘතියක් සඳහා ඉල්ලීම් ලැබී ඇතැයි පරිසර අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ සන්නිවේදන වැඩසටහනට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
බත්තරමුල්ල “සොබාදම් පියස” පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (08) එම වැඩසටහන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී එම ව්‍යාපෘතියට සම්බන්ධ මෙවලම් මාධ්‍ය වෙත නිල වශයෙන් එළි දැක්වීමද සිදු විය.
දකුණු ආසියානු පාරිසරික සහයෝගීතා වැඩසටහනේ සහයෝගයෙන් පරිසර අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මේ යටතේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය ඉලක්ක කරගනිමින් ත්‍රෛමාසික පූර්ණ සන්නිවේදන ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවේ.
මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ ලෝක න්‍යාය පත්‍රයේ 10 -15 අතර තිබූ පරිසර විෂය ක්ෂේත්‍රය මේ වන විට දෙවන ස්ථානයට පත්ව ඇති බවයි.
මේ වන විට ලෝක න්‍යායපත්‍රය වෙනස් වෙමින් පවතින බවත් ඒ තුළ පාරිසරික හා දේශගුණික විපර්යාස වේදිකාව ඉහළම ස්ථානයකට පැමිණ ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
ලෝක න්‍යාය පත්‍රය තුළ භූගෝලීය,ආරක්ෂක, ආර්ථික ක්ෂේත්‍රයන්ගෙන් පසු පාරිසරික විෂය ක්ෂේත්‍රය මේ වන විට පවතින බවත් එය එලෙස ඉදිරියට විත් ඇත්තේ එහි ඇති අතිශය වැදගත්කම නිසා යැයි අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසීය.
ජාත්‍යන්තරික වශයෙන් පාරිසරික හා දේශගුණික විපර්යාස කෙරෙහි ඉහළම අවධානයක් යොමු වීම හරහා ඒ ආශ්‍රිත අනෙකුත් සියලු වැඩසටහන් කෙරෙහි මේ වන විට ලෝක අවධානය වැඩි වෙමින් පවතින බවද අමාත්‍යවරයා කීය.
විශේෂයෙන් මේ වන විට මෙගාවොට් 700 ක සූර්ය බල ව්‍යාපෘතියක් සඳහා ඉල්ලීම් ලැබී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ,දකුණු ආසියානු පාරිසරික සහයෝගීතා වැඩසටහනේ අධ්‍යක්ෂ ජනරාල් රොකෙයා කාටන් , එහි සන්නිවේදන විශේෂඥ , වෛද්‍ය කපිල සූරියආරච්චි ,පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එච්.එම්.පී. අබේකෝන්,පරිසර අමාත්‍යංශයේ අධ්‍යක්ෂ එස්.එම්.වේරහැර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.