Sunday, April 20, 2025
Home » පුස්තකාලයක් වුණු අපුරු බස් නැවතුම

පුස්තකාලයක් වුණු අපුරු බස් නැවතුම

by yasara
November 8, 2023 11:03 am 0 comment

ඉංගිරියේ සිට බුලත්සිංහල දක්වා ගමන් ගන්නා මාර්ගයේ බෝතලේ ගංගොඩ ප්‍රදේශයේ පුස්තකාලයක් සමගින් බස්නැවතුම්පලක් ජනතා අයිතියට පත් කිරීමේ පුවතක් වාර්තා වෙයි

බෝතලේ ගංගොඩ පදිංචි  එච්.එච්.සෝමා මහත්මිය තම නැසීගිය  එම් .එච්. සිංඤෝ   පියාණන්ට   සහ  එච්.එම්. සුදු කුමාරි මෑණියන්ට  සහ නැසීගිය තම විලියම් සාන්ත සහෝදරයාට පින් පිණිස මෙම ප්‍රජා සත්කාරය සිදුකර ඇත.

මෙම සංකල්පය ගෙන ආ ග්‍රාම නිලධාරී නලින් පියංකර  මහතා මෙසේ කීවේය..

මේ ස්ථානයට බස්  නැවතුම් පොළක් තිබුණ නැහැ. අව්ව වැස්ස පින්න මේ හැම දෙයක්ම දරාගෙන තමයි ගමනක් යන්න පැමිණෙන මගින් ඉන්නේ. මේ අතරතුර මගේ වසමේ සෝමා මහත්මිය දවසක් මාව හමු වෙලා කීවා එයාගේ මෑණියන්ගේ අවුරුද්ද පිංකමට මොකක් හරි ප්‍රජා සත්කාරයක් කරන්න ඕනේ කියලා. ඒ අනුවයි මම කල්පනා කලේ මගියා පාඨකයා කිරීමට  අලුත් සංකල්පයක්. ඒ අනුව තමයි මේ බස් නැවතුම් පොළ සහ පුස්තකාලය සෝමා මහත්මිය විසින් ඉදි කළේ.ළමා වැඩිහිටි හැමොටම ගැලපෙන පොත් මේ පුස්තකාලයේ තියෙනවා. ඒ විතරක් නෙමේ දවසේ පත්තර තියෙනවා..බස් නැවතුමේ බස් රථයක් එනතුරු බලන් ඉන්න මගියකුට මේ පුස්තකාලයේ පොත් සහ පත්තර කියවා බැලිය හැකියි..කියවලා අවසන් කර ගැනීමට නොහැකි වුවොත් නිවසට ගෙන ගොස් කියවා නැවත ගෙනවිත් තැබිය හැකියි..

මෙම අපූරු බස් නැවතුම්පළ විවෘත කිරීම බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් රංගන පෙරේරා මහත්මාගේ මූලිකත්වයෙන් සිදු විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT