Home » ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රජා සේවා ව්‍යාපෘතිවල තවත් පියවරක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රජා සේවා ව්‍යාපෘතිවල තවත් පියවරක්

by chanaka
November 8, 2023 9:50 am 0 comment

ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කදවුර මගින් සිදුකරනු ලබන සමාජ සත්කාර ව්‍යාපෘතීන් අතුරින් එක් ව්‍යාපෘතියක් ලෙස පොළොන්නරුව ආනන්ද බාලිකා ජාතික පාසලේ වසර 71ක් පැරණි සුගලා දේවි ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම සහ පැරණි පන්තිකාමර ගොඩනැගිල්ලක් ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල බවට ප්‍රතිසංස්කරණය කර ඇත.

එය පසුගිය 4 වැනිදා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් සිසු අයිතියට පත් කළේය.

ගුවන් හමුදාධිපතිවරයාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය 2023 අගෝස්තු මස 23 වන දින ආරම්භ කර සති 10ක් ඇතුළත ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් PDSS ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ අවසන් කරන ලදී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT