Home » එක් දරු මවක් ගෙල කපා ඝාතනය කෙරේ

එක් දරු මවක් ගෙල කපා ඝාතනය කෙරේ

by yasara
November 8, 2023 11:16 am 0 comment

මීවිටිගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්  නිවස තුලදීම ඊයේ (07) පස්වරුවේ තියුණු ආයුධයකින් ගෙල  කපා ඝාතනය කර ඇති බව කිරිදිවැල පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 34 හැවිරුදි එක් දරු මවකි.

ඝාතනයට ලක්වූ  කාන්තාවගේ සැමියා විදේශ ගතව රැකියාව කරන අතර සැමියාගේ මව ,පියා,සහෝදරයා සමග ඝාතනයට ලක්වූ කන්තාව සහ  අවුරුදු එක හමාරක් වයසැති ඇගේ දියනිය එකම නිවසේ පදිංචිව සිට ඇති බව පොලිස් විමර්ශනවලදී හෙලිවී ඇත . 

ඝාතනයෙන් පසු නිවසේ පදිංචිව සිටි ඝාතනයට ලක්වූ කන්තාවගේ මස්සිනා (සැමියාගේ සහෝදරයා) නිවසෙන් අතුරුදහන්ව ඇති බවත් පවසයි.

අතුරුදහන් ව ඇති මස්සිනා සොයා පොලිස් විමර්ශන ක්‍රියත්මක අතර මිය ගිය කාන්තාවගේ මලසිරුර වතුපිටිවල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත .කිරිදිවැල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වති .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT