Home » සටන් විරාමයක්ට එකඟ වෙන්න – ජනපති බයිඩන් ඊශ්‍රායල් අගමැතිගෙන් ඉල්ලයි

සටන් විරාමයක්ට එකඟ වෙන්න – ජනපති බයිඩන් ඊශ්‍රායල් අගමැතිගෙන් ඉල්ලයි

by chanaka
November 8, 2023 10:14 am 0 comment

ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා එකඟ වන්නැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලා තිබේ.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා මෙම පියවර ගත යුතු බව අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටි. කෙසේ නමුත් ‍ඒ පිළිබඳව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරත්වය මෙතෙක් ප්‍රකාශ කොට නැත.

අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කර ඇත. සටන් විරාමයකට එළඹීමෙන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් තීරණයකට එළඹිය හැකි බවට එම සාකච්ඡාවේදී අවධානය යොමුවූ බව ධවල මන්දිර ප්‍රකාශකයෙකු කියා සිටියේය.

ගාසා තීරයේ දිනකට ළමයින් 160 දෙනෙකු පමණ මිය යන බව එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය පවසයි. ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීන ජාතිකයන් සංඛ්‍යාව 10,300 ක් වන අතර, ඉන් 4100 කට වඩා ළමයින් බවයි හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT