Home » මධ්‍යම පළාතේ දෙමළ පාසල්වලට සඳුදා විශේෂ නිවාඩුවක්

මධ්‍යම පළාතේ දෙමළ පාසල්වලට සඳුදා විශේෂ නිවාඩුවක්

by chanaka
November 8, 2023 4:59 pm 0 comment

School term

දීපාවලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ දෙමළ පාසල්වලට ලබන සඳුදා(13) විශේෂ නිවාඩුවක් ලබාදී තිබේ.

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදබණ්ඩි රමේෂ්වරන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ ලලිත් යූ ගමගේ මහතාගෙන් මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර තිබුණි.

එම ඉල්ලීම පිලිගනිමින් මධ්‍යම පළාතේ දෙමළ පාසල් 18වැනි සෙනසුරාදා අධ්‍යාපන කටයුතු සඳහා සඳුදා නිවාඩු දිනය වෙනුවට පාසල් දිනයක් ලෙස පැවැත්වීමට කටයුතු කරන බව ආණ්ඩුකාරවරයා දැනුම් දී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT