උපාධිධාරී පෙම්වතියගේ ගෙළ කපා ඝාතනය කළ උපාධිධාරී පෙම්වතා පෙති වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව රෝහල් ගතව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගැට හැත්ත අම්පිටිය පදිංචිව සිටි බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලිපිකාරිණියක් ලෙස සේවය කරන 32 අචිනි තුෂාරි නමැති තරුණියෙකි.
33 හැවිරිදි සැකකරු මේ වන විට කළුතර නාගොඩ මහරෝහලේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
ඝාතනයට ලක් වූ තරුණිය සහ සැකකරු බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ සේවය කරන අතර සැකකරු නවාතැන් ගෙන සිටින හෝමාගම උසාවිය පාරේ දෙමහල් නිවසක උඩුමහලේ කාමරය වෙත සැකකරුගේ මව සමග තරුණිය ඊයේ (7 )පැමිණ ඇත .
ඊයේ සවස ඇයට පිටත්ව යාම සඳහා හෝමාගම නගරයට යාමට ත්‍රීරෝද රථයක් රැගෙන ඒමට යැයි පවසා සැකකරු සිය මව නිවසින් පිටතට යවා තිබූ බවත් ඇය පැමිණෙන විට සැකකරු පවසා ඇත්තේ තරුණිය පිටව ගිය බව යැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු අද (08) පෙති වර්ගයක් පානය කළ බව පවසමින් කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් වී ඇති අතර එහිදී වෛද්‍යවරුන් සැකකරු ඇඳ සිටි කමිසයේ ලේ පැල්ලමක් දැක ඒ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත කළුතර දකුණ පොලිසියට කරන ලද දැනුම්දීමක් අනුව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සිදුකළ ඝාතනය සම්බන්ධයෙන් අනාවරණය වී උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගෙන සිටින සැකකරු යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගන්නා අයෙක් බවට අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රනිත් මානවඩු මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.