ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ වසරේ ජාත්‍යන්තර සිසුවා තරගාවලියේ අවසන් වටයට ශ්‍රී ලාංකික ශිෂ්‍යාවකද තේරී පත්ව තිබේ.
කුලුණි පියුමිකා මිල්ලනියගේ නම් ඇය ටස්මේනියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියක් හදාරමින් සිටි.
ප්‍රාන්තයේ දැව කර්මාන්තය සඳහා පුනර්ජනනීය වගා කිරීම් යොදාගත හැකි ආකාරය පිළිබඳව ඇයගේ අධ්‍යයනයට පාදක කරගෙන ඇත.
ටස්මේනියා ප්‍රාන්ත ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංගමයේ ලේකම් ධුරය හොබවනු ලබන්නේද කුලුණි පියුමිකා මිල්ලනියගේ විසිනි.
එමෙන්ම ශ්‍රී ලාංකික දරුවන්ට සිංහල භාෂාව ඉගැන්වීම සම්බන්ධයෙන්ද ඇය කීර්තියට පත්වී සිටි. එසේම ඕස්ට්‍රේලියාවේ බොහෝ ක්‍රියාකාරකම් හරහා පුළුල් ලෙස ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙමින්, කුලුණි දේශීය ශ්‍රී ලාංකීය ප්‍රජාව සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටියි.