Saturday, April 19, 2025
Home » කොළඹ වරාය යටිතල පහසුකම් සඳහා අමෙරිකාවෙන් අයෝජනයක්

කොළඹ වරාය යටිතල පහසුකම් සඳහා අමෙරිකාවෙන් අයෝජනයක්

by chanaka
November 8, 2023 12:06 pm 0 comment

කොළඹ වරායෙහි ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 500කට වඩා වැඩි මුදලක් කැප කර ඇති බව එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) නිවේදනය කළේය.

උසස් තත්ත්වයේ යටිතල පහසුකම් සඳහා මූල්‍යකරණය ලබාදීමට එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ කැපවීම මෙම නව පර්යන්තය හරහා පිළිබිඹු කරන බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පැවසීය.

මෙම ආයෝජනය තවදුරටත් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ ඉන්දියාව සමග ද ඇතුළුව, එහි කලාපීය ආර්ථික ඒකාබද්ධතාවයට එක්සත් ජනපදයේ තිරසාර කැපවීම බවද එහි සඳහන්ය.

ඒ අනුව, කොළඹ වරාය තුළ පිහිටා ඇති ගැඹුරු ජල බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට සහාය වීම සඳහා Colombo West International Terminal Private Limited වෙත ඩොලර් මිලියන 553ක මුල්‍යකරණය ප්‍රකාශ කිරීමේ උත්සවය සඳහා DFC ප්‍රධාන විධායක නිලධාරී (CEO) ස්කොට් නේතන් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය.

විදේශ අමාත්‍ය අලි සබ්රි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චුන්ග් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වනේ නව පර්යන්තය උත්සවාකාරයෙන් දියත් කිරීම සිදු විය.

“අපගේ හවුල්කරුවන්ගේ උපාය මාර්ගික තත්ත්වයන් ශක්තිමත් කරමින් සංවර්ධනය සහ ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යන පුද්ගලික අංශයේ ආයෝජන මෙහෙයවීමට DFC කටයුතු කරයි. කොළඹ වරායේ මෙම යටිතල පහසුකම් ආයෝජනය සමඟින් අපි ලබා දෙන්නේ එයයි, ” යනුවෙන් DFC ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් පැවසීය.

කොළඹ වරාය ඉන්දියන් සාගරයේ විශාලතම සහ කාර්යබහුලම ප්‍රති නැව්ගත කිරීමේ වරායයි. මෙම නව පර්යන්තය ප්‍රධාන නැව් මාර්ගවල ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ස්ථානය සහ ව්‍යාප්තවන වෙළෙඳපොළට ඇති සමීපතාවයෙන් ප්‍රයෝජන ගනිමින් බෙංගාල බොක්කෙහි වර්ධනය වන ආර්ථිකයන් සඳහා පහසුකම් සපයනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT