ප්‍රතිසංස්කරණය කරන ලද යාපනය නගර ශාලවේ පළමු අදියරෙහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී අවසන් කරන නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ වාහන නැවතුම් පළක්, නවීන කාර්යාල ඇතුළු නවීන පහසුකම්වලින් මෙය සමන්විත වන බවයි.
මෙහි පළමු අදියරේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 600ක මුදලක් වැය කරනු ලබයි.
මෙය සම්පූර්ණයෙන්ම මහා භාණ්ඩාගාර අරමුදල් මත ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියකි. සම්පූර්ණයෙන්ම ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 2350කි. යාපනය නගර ශාලාවේ ඉදිකිරීම් කටයුතු මෙම 2022 නොවැම්බර් මාසයේදී නිම කිරීමට නියමිතව තිබුණි.
එහෙත් කොවිඩ් -19 ව්‍යාප්තිය හා රටේ ආර්ථික පසුබෑම හේතුවෙන් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද විය.
ඒහෙත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යධූරයට පත්වීමත් සමඟ යාපනය නගර ශාලාවේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙසට නිළධාරීන්ට උපදෙස් දුන්නේය.මේ සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීම සඳහා අමාත්‍යවරයා මහා භාණ්ඩාගාර නිළධාරීන් සමඟ කිහිප විටක්ම සාකච්ඡා කළේය.
යාපනය මහනගර සභා කාර්යාලය ලෙස භාවිතා කළ පැරණි යාපනය නගර ශාලා ගොඩනැඟිල්ල1939 වසරේදී ඉදිකරන ලද්දකි. එල්.ටී.ටී.ඊ ගැටුම් හේතුවෙන් 1985 වසරේදී මෙය සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය.
නල්ලූර් කෝවිලට අයත් ඉඩමක යාපනය මහ නගර සභාව තාවකාලිකව පවත්වාගෙන යනු ලැබේ. මේ හේතුවෙන් යාපනය නගර සභාවේ බොහෝ අංශ තවමත් විවිධ ස්ථානවල ක්‍රියාත්මක වේ. එබැවින් යාපනයේ ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටී.
යාපනය නගර ශාලාව ඉදිකිරීමට මුල්ගල තබන ලද්දේ 2019 වසරේදීය. ඒ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි කාලවකවානුවේදීය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ යාපනය නගර ශාලාවේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු නිමවීමත් සමඟ යාපනයේ ජනතාවට මෙන්ම නිළධාරීන්ටද රාජකාරී කටයුතු සිදුකර කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සෙයා බලන ලෙසද අමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.