Home » ඉරාන ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් පුළුල් කෙරේ

ඉරාන ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් පුළුල් කෙරේ

by yasara
November 6, 2023 3:59 pm 0 comment

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉරානයේ නව තානාපති අලිරේසා ඩෙල්කොෂ් (Alireza Delkhosh ) මහතා අතර හමුවක් අද (06) අරලියගහ මන්දිරයේදී සිදුවිය.

අතීතයේ සිටම දෙරට අතර පවතින මිත්‍රත්වය සහ සමීප සමාජ සංස්කෘතික සබඳතා ගැන සඳහන් කළ ඉරාන තානාපතිවරයා, ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා සංස්කෘතික සබඳතාව තවදුරටත් පුළුල් කිරීමට තම රාජ්‍යතාන්ත්‍රික ධුර කාලය තුළ කටයුතු කරන බවට සහතික විය.

වත්මන් ආර්ථික ගැටලුවලින් කඩිනමින් යථා තත්ත්වයට පත්වීමට මෙන්ම සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා ඉරානයට ස්තූති කළේය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ ඉරාන තානාපති කාර්යාලයේ ආර්ථික සහ කොන්සියුලර් අංශයේ ප්‍රධානී කේ. සොහීල් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT