Home » රජරට වැව් පිටාර ගලයි

රජරට වැව් පිටාර ගලයි

by chanaka
November 4, 2023 2:54 pm 0 comment

පවතින අධික වැසි සහිත කාළගුණ තත්වයත් සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා, මධ්‍ය හා මහා පරිමාණ වැව් රැසක් මේ වන විට පිටාර ගලමින් පවතී.

ඊයේ (03) පස්වරුවේ දැඩි වර්ෂාපතනයක් පැය කීපයක්ම ඇද හැලුණු අතර, මේ හේතුවෙන් වැව් පිටාර ගලමින් පවතී.

එප්පාවල ප්‍රදේශයේ පවතින මහා පරිමාණ වැවක් වන කටියාව වැව මේ වන විට වාන් දමමින් පවතී, ඒ හේතුවෙන් එප්පාවල -කටියාව මාර්ගයේ ගමනා ගමන කටයුතු වලටද බාධා සිදුව ඇත.

මේ අතර වාන් දමමින් පවතින කටියාව වැවෙහි මසුන් ඇල්ලීමට විශාල පිරිසක් රැස්ව සිටින අයුරුදු දැක ගත හැකි විය.මේ අතර, වාන් දමන වැව දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටින අයුරුද දැක ගත හැකි විය.ඒ අතර තුර ඇතැම් පිරිස් කුඩා දරුවන්ද රැගෙන ජීවත අවධානමකට ලක් කර ගනීමන් වානෙන් පිටවන ජලය ගලා යන ප්‍රදේශයේ විනෝද වන අකාරයද අප කැමරා කාචයට හුස විය.

මේ අතර, ප්‍රදේශයේ පවතින එප්පාවල වැව, මැඩියාව වැව ආදී කුඩා පරිමාණ වැව්ද මේ වන විට පිටාර ගලමින් පවතී.

රාජාංගනය ජලාශය තවමත් පිටාර මට්ටමට පැමිණ නොමැති අතර, මේ ආකාරයට වැසි පැවතිය හොත් රාජාංගනය ජලාශයේද වාන් දොරට විවෘත කිරීමට සිදු වන බව වාරී ඉංජිනේරුවරයා පැවසීය.

මේ අතර පැවති වැසි සහිත කාළගුණයෙන් වගා බිම් විශාල ප්‍රමාණයක්ද ජලයෙන් යට වී ඇත.

(තිසරසමල් – අනුරාධපුර )

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT