Home » නිවෙසේ කසිප්පු පෙරූ ලංගම ඩ්‍රයිවර් බඩුත් එක්ක මාට්ටු

නිවෙසේ කසිප්පු පෙරූ ලංගම ඩ්‍රයිවර් බඩුත් එක්ක මාට්ටු

by mahesh
November 3, 2023 1:00 am 0 comment

මීගොඩ බී.කේ. කත්‍රිආරච්චි

හෝමාගම දොළහේන ප්‍රදේශයේ ඉඩමක් තුළ නීති විරෝධී මත්පැන් නිෂ්පාදන කරමින් සිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරෙකු මත්පැන් නිෂ්පාදන තොගයක් සමඟින් අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙ‍ෙලස අත්අඩංගුවට ගෙන ඇත. අදාළ නීති විරොධී මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගත් බැරල් දෙකක් තඹ දඟරයක් ගෝඩා මිලිලීටර් තුන් ලක්ෂ හැට හතර දහසක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම දොළහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 45 හැවිරිදි ලංකා ගමනාගමන මණ්ඩලයේ හෝමාගම ඩිපෝවට අනුයුක්ත බස් රියැදුරෙකි.

සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ. හෝමාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චන්ද්‍රපාල පොලිස් සැරයන් (56805) ගුණසේකර පොලිස් කොස්තාපල්වරුන් වන (82147) රණසිංහ (92502) ලක්ෂිත යන නිලධාරීන් පරීක්ෂණ පැවැත්විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT