Sunday, April 20, 2025
Home » රට සිගරට් 4200ක් සමඟ වීදියවත්තේ අයෙක් දැලේ

රට සිගරට් 4200ක් සමඟ වීදියවත්තේ අයෙක් දැලේ

by mahesh
November 3, 2023 1:00 am 0 comment

ගම්පහ දිස්ත්‍රික් විශේෂ - සිසිල ගුණතිලක

තීරුබදු රහිතව විදේශ රටකින් මෙරට ට ආනයනය කරන ලද දුම්වැටි 4200 ක් සන්තකයේ තබා ගත් සැකකරුවකු යක්කල වීදියවත්ත ප්‍රදේශයේ දී ඉකුත් 31 වැනි දා අත්අඩංගුවට ගැනීමට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීහු සමත් වූහ. පොලිස් පරීක්ෂක ජයන්ත අධිකාරම් සහ පොලිස් කොස්තාපල් ජයසූරිය (79856) යන නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබිණි.

මෙම සැකකරු යක්කල වීදියවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක් වන පුද්ගලයකු බව පොලීසිය සදහන් කරයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා වීරගුල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ සහ සහකාර පොලිස් අධිකාරී ගම්පහ 1 තුසිත කුමාර යන මහත්වරුන් ගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ, උප පොලිස් පරීක්ෂකවරුන් වන උදයශාන්ත, බණ්ඩාරනායක, ගමගේ, පොලිස් සැරයන්වරුන් වන පුෂ්පානන්ද (2926), ධනපාල (55460), තෙන්නකෝන් (72328), බණ්ඩාර (71181), පොලිස් කොස්තාපල්වරුන් වන දේවසිංහ (28176), චානක (104962), පොලිස් සැරයන් රියදුරු හෙට්ටිගේ (1867) සහ පොලිස් කොස්තාපල් රියදුරු බණ්ඩාර (103118) යන නිලධාරීහු වැටලීමට එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT