Home » ඇල්පිටිය හදිසි මරණ පරීක්ෂක ධුරයට ගාමිණී ඩයස්

ඇල්පිටිය හදිසි මරණ පරීක්ෂක ධුරයට ගාමිණී ඩයස්

by mahesh
November 3, 2023 1:00 am 0 comment

ඇල්පිටිය සමූහ. චන්ද්‍රසිරි ගුණසේකර

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සඳහා හදිසි මරණ පරීක්ෂකවරයකු ලෙස වතුරවිල කහදූව පදිංචි සාමවිනිසුරු ආර්. ගාමිණී ඩයස් මහතා අධිකරණ අමාත්‍යංශය විසින් පත්කරණු ලැබීය.

ආර්. ගාමිණී ඩයස් මහතා හදිසි මරණ පරීක්ෂකවරයකු ලෙස ඇල්පිටිය මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ මහතා ඉදිරියේ පසු ගිය දා දිවුරුම් දුන්නේය.

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන මොහු එහි ශිෂ්‍ය නායකයකු ලෙසද කටයුතු කර තිබේ.

අවුරුදු හතක කාලයක් අම්බන කොට්ටාශයේ හදිසි මරණ පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ මොහු අත්දැකීම් බහුල නිලධාරියෙකි. ප්‍රදේශයේ සමිති සමාගම් කිහිපයක විවිධ නිලතල උසුලන අතර ඇල්පිටිය සමථ මණ්ඩලයේ සමථ කරුවකු වශයෙන්ද කටයුතු කර ඇත.

මොහු ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ප්‍රථම සභාපතිවරයා වූ ආර්.ඩී.ඩයස් මහතාගේ පුත්‍රයෙකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT