Saturday, April 19, 2025
Home » මාධ්‍යවේදියාට හම්බන්තොට මහ රෝහලේ රෝහල් කමිටුවේ සාමාජිකත්වය

මාධ්‍යවේදියාට හම්බන්තොට මහ රෝහලේ රෝහල් කමිටුවේ සාමාජිකත්වය

by mahesh
November 3, 2023 1:00 am 0 comment

තිස්සමහරාම සමූහ - ඒ. ඒ. පේමසිරි

හම්බන්තොට මහා රෝහලේ රෝහල් කමිටුවේ කමිටු සාමාජිකයකු ලෙස දිනමිණ පුවත්පතේ ලුණම සමූහ වාර්තාකරු සනත් ගමගේ මහතා තෝරා පත්කරගෙන තිබේ. රෝහ‍ෙල් පවතින අඩුපාඩු පිළිබඳව පසුගිය දිනවල මාධ්‍ය මඟින් පෙන්වා දෙමින් කරන ලද සේවාව ඇගැයීමකට ලක් කරමින් ඔහුට රෝහල් කමිටුවේ සාමාජිකත්වය ලබා දී තිබේ. එහිදී රෝහල් කමිටුවේ සාමාජිකත්වයට අදාළ පත්වීම් ලිපිය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සුරංග ඔබේසේකර මහතා අතින් සනත් ගමගේ මහතා ලබාගත් අතර, මෙම අවස්ථාවට රෝහල් කමිටුවෙහි ලේකම් ඩී.ඒ. ගාමිණී මහතා ද සහභාගි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT