Sunday, April 20, 2025
Home » කඨින පින්කමටත් ගංවතුරෙන් බාධා

කඨින පින්කමටත් ගංවතුරෙන් බාධා

කඨින චීවර රැගත් පෙරහර අඟුලෙන් එතෙර වෙයි

by mahesh
November 3, 2023 1:00 am 0 comment

වැලිගම - අබේවික්‍රම ගුණරත්න

නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා තවමත් කරගොඩ උයන්ගොඩ ප්‍රදේශයේ පහත් බිම් රාශියක් ජලයෙන් යටව පවතී. කෙසේ වෙතත් මෙම දිනවල දිවයිනේ නොයෙක් ප්‍රදේශවල වෙහෙර විහාරස්ථානවල කඨින චීවර පූජා පින්කම් පැවැත්වෙයි.

මේ අතර කරගොඩ උයන්ගොඩ සුජනකන්තාරාම විහාරස්ථානයේ කඨින චීවර පූජාව ඉකුත් 28 වැනිදා පැවැති අතර, පවතින ගංවතුර තත්ත්වය සමඟ එම පිංකමට බාධා පැමිණ තිබිණි.

එහිදී අඟුල් යොදා ගනිමින් එම කඨින චීවර පෙරහර විහාරස්ථානයට වැඩම කරවීම සිදු කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT