හලාවත – ආණමඩුව පාරේ සේරුකැලේ ගම්මානයේ රතඹලාඔය හරහා තිබෙන පරණ පාලමේ යකඩ ඇතුළු සුන්බුන් කවුරුන් හෝ ගලවාගෙන ගොස් ඇති බව පෙනෙන්ට ඇත.
එම නිසා මාර්ගයේ රතඹලා ඔය පරණ පාලම අබලන් තත්ත්වයකට පත්වීම නිසා මේ වන විට වසර කිහිපයකට ඉහතදී මේ ආසන්නයේ අභිනවයෙන් පාලමක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද අතර, අභිනව පාලම භාවිතයට ගැනීමෙන් පසුව පරණ පාලම ගලවා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය හෝ එයට වගකිවයුතු වෙනත් කිසිදු ආයතනයක් කටයුතු කර නැත.
මේ හේතුවෙන් ලඳු කැලෑවලින් වැසීගිය පරණ පාලමේ යකඩ කොටස් කවුරුන් විසින් හෝ ගලවාගෙන ගොස් ඇති අයුරු දක්නට ඇත.
මෙම පරණ පාලමේ යකඩ හරිහැටි ගලවා පරණ යකඩවලට විකිණීමෙන් මාර්ග සංවර්ධන අධිකාරියට අමතර ආදායමක් ලබාගැනීමට හැකියාව තිබෙනමුත් මෙසේ එම පරණ පාලමේ යකඩ වෙනත් කවුරුන් විසින් හෝ ගලවාගෙන යාමෙන් එයද මඟහැරී ගොස් ඇති බවක් පෙනෙන්නට ඇත.