මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද විදුහලේ ක්‍රීඩාංගණයේ තිබී පුපුරා නොගිය ජීව කාල තුවක්කු උණ්ඩ 5ක් පෙරේදා (01) හමුවී තිබේ.
විදුහලේ ක්‍රීඩාංගණය සුද්ධ පවිත්‍ර කිරීමට ගිය පිරිසකට මෙම කාලතුවක්කු උණ්ඩ පහ හමුවීමෙන් පසුව ඒ පිළිබඳව මුල්ලියාවලෙයි පොලිසියට දැණුම් දී තිබේ. පොලිසිය පැමිණ එම කාලතුවක්කු උණ්ඩ නිෂ්ක්‍රීය කිරීම සඳහා රැගෙන ගොස් තිබේ.
බිම්බෝම්බ ඉවත්කොට ඇති බවට සහතික ලබාදී ඇති පාසලක් වැනි ස්ථානයකින් පොලොව මතුපිට තිබී කාලතුවක්කු උණ්ඩ හමුවීම විශාල ප්‍රශ්නයක් බව මුලතිවු මුල්ලියාවලෙයි පොලිසිය ප්‍රකාශ කරයි.
බිම් බෝම්බ ඉවත් කළ බවට සහතික වූ ප්‍රදේශවලින් බිම්බෝම්බ ගණනාවක් පසුගිය කාලයේදී හමු වූ බවත් ඒවා පිපිරීමෙන් එක් අයෙකු මියගොස් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවත් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.