Home » උණවටුන සෞඛ්‍ය සේවා කාර්යල සංකීර්ණය ගංවතුරට යට වීමේ බරපතළ අනතුරක

උණවටුන සෞඛ්‍ය සේවා කාර්යල සංකීර්ණය ගංවතුරට යට වීමේ බරපතළ අනතුරක

by mahesh
November 3, 2023 1:00 am 0 comment

ගාල්ල දිසා සමූහ - නන්දසිරි වැලිගමගේ

දකුණු පළාතේ සියලුම රෝහල්වලට ඹෟෂධ සපයන උණවටුන ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කර්යල සංකීර්නය හි ඇති කෝටි ගණන් ඖෂධ ගබඩාකර ඇති බෙහෙත් ගබඩාව ගංවතුරින් යට වීමේ බරපතළ අනතුරුදායක තත්ත්වයකට මුහුණ පා ඇතැයි එහි වෛද්‍ය කාර්යමණ්ඩල පෙන්වා දෙයි.

පසුගිය දිනවල පැවැති අධික වැස්සට මෙම සංකිර්ණ භූමිය යටවී ඖෂධ ගබඩාවලටද ජලය ගලා එද්දී වෛද්‍යවරුන් කාර්යමණ්ඩලය විවිධ උපක්‍රම යොදා ගබඩාවට ජලය ඒම වළක්වාගෙන ඇති අතර ක්ෂණිකවම බෙහෙත් වෙනත් ස්ථානවල ගබඩා කරමින් කෝටි ගණන් වටිනා ඹෟෂධ බේරාගෙන තිබේ.

මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ මෙම ගබඩාව අසලින්ම ගලායන ඓතිහාසික ඕලන්ද ඇළ ගොඩවී ඇහිරී ජල බැසයෑම නතරවීම නිසා ඇළ මාර්ගය උතුරා මෙම භුමිය යටවී යෑමයි.

මේ දිනවල සෑම දිනකම සවස් කාලයේ වැස්ස ඇද හැළෙන අතර, රාත්‍රි වන විට ඇලේ ජල මට්ටම වැඩිවී යන බවත් කොයි මොහොතක හෝ යළිත් මෙම භුමිය යටවී බෙහෙත් ගබඩාවටද ජලය ඒමට හැකි බව මෙම පිරිස් පෙන්වා දෙති.

පසුගිය දිනවල මෙම ඇළ හෑරීමට පළාත් වාරිමාර්ගය කටයුතු කළ ද අනවසර ඉදිකිරීම් හා වසා දැමීම් කර ඇති අයගේ හරස්වීම් නිසා එය ද නතරවී ගොස් ඇත.

මෙම අනතුරුදායක තත්ත්වය ගැන පසුගිය 31වැනිදා පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටුවේදී ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය එරන්දි හෙට්ටිආරච්චි මහතා කරණු ඉදිරිපත් කළ ද වගකිවයතු කිසිදු නිලධාරි‍ෙයකු මෙම අනතුරු දායක තත්ත්වය ගැන අවධාරණය යොමු නොකිරීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් වී ඇත.

මේ පිළිබඳව වගකිව යුතු අයගේ අවධානය විටින් විට යොමු කළ බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. මේ අතර ගෙවීගිය මහ වැස්සෙන් පසු පශ්චාත් ගංවතුර ආපදා කළමනාකරණ විමසුමක් ගාල්ල දිස්ත්‍රික්කය තුළ සිදු නොවීම නිසා ඉදිරියේ දී මෙයට වඩා අනතුරුදායක තත්ත්වයන් ඇතිවිය හැකි බවත් සති දෙක තුනක් ගතවී ගියත් තවමත් ජලය බැස නොගිය තැන් ඇති බවත් ඒ ආශ්‍රිතව ඩෙංගු ආදී බෝවන රෝග බෝවිමේ බරපතළ තත්ත්වයක් උදාවිය හැකි බවද වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධීකරන කමිටුවට ද පෙන්වා දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT