298
මහාචාර්ය කෝලිත බණ්ඩාර විජේසුන්දර මහතා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ඊයේ (02) රාජකාරී කටයුතු ආරම්භ කරන ලදි.
ඒ මහතා පසුගිය කාලයේ එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු, මහාචාර්යවරයකු සහ පීඨාධිපතිවරයකු ලෙස කටයුතු කර ඇති අතර, මේ අවස්ථාවට ඒ මහතාගේ බිරිය ඇතුළු පවුලේ සාමාජිකයෝ ද, විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරු ද, ආචාර්යවරු ද, කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ද සහභාගි වූහ.