Home » ඉතා අනතුරුදායක පාලම් 21ක් රට පුරා

ඉතා අනතුරුදායක පාලම් 21ක් රට පුරා

by mahesh
November 3, 2023 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

ප්‍රතිසංස්කරණයට කෝටි 980ක් ඕනෑ

ඉතා අනතුරුදායක හා ගමනාගමනයට නුසුදුසු පාලම් 21ක් රට පුරා ඇති බවත් ඒවා පිළිසකර කිරීමට රුපියල් කෝටි 980ක් (මිලියන 9,800ක්) වැය වන බවට ගණන් බලා ඇති බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දිනමිණට පැවසීය.

ඉතා අනතුරුදායක හා ගමනාගමනයට නුසුදුසු මට්ටමේ පවතින පාලම් යම් යම් ප්‍රතිකර්ම යොදමින් මේ වන විට පවත්වාගෙන යන බවත්, යාපනයේ සංගුපිටිය, මුලතිව්, මීරිගම, දිවුලපිටිය, බගවන්තලාව, කොටදෙණියාව, රිකිල්ලගස්කඩ ඇතුළු ස්ථාන 21ක පාලම් මෙලෙස අබලන් තත්ත්වයේ ඇති බවත් කියා සිටි ඒ මහතා ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නැති බවත්, කුමන හෝ ආකාරයකින් මුදල් සොයාගෙන ඒවා වහා ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් පෙන්වා දුන්නේය. මේ අතර පිළිසකර කළ යුතු තත්ත්වයේ පාලම් 66ක්ද දිවයින පුරා පවතින බව කී ඇමැතිවරයා ඒවා පිළිසකර කිරීමට රුපියල් මිලියන 18,300ක් වැය වන බවට ගණන් බලා ඇතැයිද කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT