ඊශ්‍රායලය පාලනය කිරීමට බෙන්ජමින් නෙතන්යාහු නුසුදුස්සකු බව සඳහන් කරමින් අගමැති ධුරයෙන් ඉවත් වන්නැයි ඊශ්‍රායලයේ හිටපු ආරක්ෂක ප්‍රධානින් සහ එරට අධිකරණ ප්‍රතිසංස්කරණයට එරෙහි විරෝධතා ව්‍යාපාරයේ නායකයන් ඔහුට බලපෑම් කරමින් සිටින බව ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්‘ පුවත් සේවය වාර්තා කළේය.
අධිකරණ බලතල කප්පාදු කරමින් පාර්ලිමේන්තුවේ බලතල වැඩි කිරීමට අගමැතිවරයා පියවර ගැනීම හේතුවෙන් එරට අධිකරණය සිවිල් ස්වේච්ඡා සංවිධාන බවට පත් වූ බවත්, ඔක්තෝබර් 7 වැනිදා සිදුවූ හමාස් සංවිධානයේ ඊශ්‍රායල ප්‍රහාරයට එය ද හේතුවක් වූ බවත් සඳහන් කරමින් මේ බලපෑම් සිදු කර ඇතැයි ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්‘ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ඊශ්‍රායලයේ අගමැතිවරයා හමාස් සංවිධානයේ ‘පියා‘ බව නෙතන්යාහු රජයට එරෙහිව පසුගිය මාස කිහිපය තුළ ඊශ්‍රායලයේ විරෝධතා සංවිධාන කළ ප්‍රමුඛතම නායකයකු වන මුෂේ රද්මාන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. ඔහු එම විරෝධතා හේතුවෙන් අත්අඩංගුවේ ද පසුවූ අයකු බව සඳහන් වේ. පලස්තීන රජයට එරෙහිව හමාස් සංවිධානය කටයුතු කිරීමේදි ඊශ්‍රායලය හමාස් සංවිධානයට සහාය දුන් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.