Home » ඉන්දු-ලංකා සහයෝගීතාව ප්‍රවර්ධනයට අගමැතිට පැසසුම්

ඉන්දු-ලංකා සහයෝගීතාව ප්‍රවර්ධනයට අගමැතිට පැසසුම්

by yasara
November 3, 2023 2:54 pm 0 comment

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය අතර හමුවක් ඊයේ (02) අරලියගහ මන්දිරයේදී සිදුවිය.

ඉන්දීය මුදල් අමාත්‍යවරියගේ සංචාරයේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යටතේ බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය සඳහා ඉන්දීය රුපියල් බිලියන 1.0747 ක ඉන්දීය ප්‍රදාන ආධාරයෙන් ආගමික ස්ථාන වල සූර්ය විදුලි ව්‍යාපෘති සඳහා පමණක් ඉන්දීය රුපියල් මිලියන 824 ක් වෙන් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉන්දියාවට ස්තූති කළේය. 

ඉන්දු-ලංකා මිත්‍රත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අසීමිත උත්සාහයන් ඉන්දියාව ඉතා අගය කරන බව ඉන්දීය මුදල් අමාත්‍යවරිය සඳහන් කළාය.

“දශක ගණනාවකට පෙර අපි අපේ නිදහස සඳහා සටන් කරන විට, ඔබේ දෙමාපියන් ඉන්දීය නිදහස් අරගලයට සම්බන්ධ වූ අතර දැන් අගමැති ලෙස ඔබ දෙරට අතර ද්විපාර්ශ්වික මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බැවින් අපි ඔබට ඉතා ඉහළ ගෞරවයක් දක්වනවා,” යැයි ඇය මෙහිදී පැවසුවාය.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු දෙරටේ නියෝජිතයින් ද එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT