Sunday, April 20, 2025
Home » වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුව‍යි

වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුව‍යි

by chanaka
November 3, 2023 2:18 pm 0 comment

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමෙන් නොවැම්බර් 02 වැනිදා දියත් කළ වැඩවර්ජන මාලාව තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබේ.

සිය ගැටළු සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසීය.

අද දිනයේ උතුරු පළාතේ රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක කර තිබුණි. එහි පළමුවැන්න ක්‍රියාත්මක වූයේ ඌව පළාතේය.

සෞඛ්‍ය පද්ධතියේ බිඳවැටීම යම් මට්ටමකින් හෝ සමනය කරගැනීම සඳහා වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් මෙම වැඩවර්ජනය දියත් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT