Home » කොළඹ බෝල දරුවන් 8%කින් නඟී

කොළඹ බෝල දරුවන් 8%කින් නඟී

by mahesh
November 3, 2023 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ ස්ථූලතාව සියයට 8 දක්වා ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවලින් හෙළිවන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

දරුවන් තුළ ස්ථූලතාව වර්ධනය වීම ඔවුන්ගේ අනාගතයට අහිතකර ලෙස බලපාන බවත් බෝ නොවන රෝග ආසාදිතයන්ගේ සංඛ්‍යාව අනාගතයේ ඉහළ යෑමක් මෙමඟින් සිදු වන බවත් ඇය පැවසුවාය.

ප්‍රෝටීන් බහුල ආහාර මිල දී ගැනීමේ අපහසුතාව නිසා කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර පරිභෝජනයට දරුවන් යොමුව ඇති බවත් දරුවන්ගේ ස්ථූලතාව ඉහළ යෑමට එය හේතුවක් බවත් ඇය පෙන්වා දුන්නාය.

දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ සහිත අනාගත පුරවැසියන් බිහිවීම මේ හේතුව නිසා වැළැක්විය නොහැකි යැයි ද ඇය පැවසුවාය.

පිටි සහිත ආහාර හැකි තරම් අවම කරමින් දරුවන්ට ප්‍රෝටීන් සහිත ආහාර ලබාදීමට යොමුවීමෙන් ස්ථූලතාව වළක්වාගත හැකි බව ද ඇය ප්‍රකාශ කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT