Home » ලංකා බැංකුවේ තාක්ෂණික දෝෂය නිවැරැදි කරයි

ලංකා බැංකුවේ තාක්ෂණික දෝෂය නිවැරැදි කරයි

by sachintha
November 2, 2023 12:17 am 0 comment

ගනුදෙනුකාර සේවාවලට තරමක බලපෑම් එල්ල කරමින් පෙරේදා (31) සිය බැංකුවේ සිදු වූ පරිගණක පද්ධතියේ තාක්ෂණික දෝෂ ඉතා ඉක්මනින් ඊයේ (01) යථා තත්ත්වයට පත් කර සේවා බලගැන්වූ බව ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි හා මහා කළමනාකාර රසල් ෆොන්සේකා මහතා “දිනමිණ”ට ප්‍රකාශ කළේය. ඔක්තෝබර් මස 31 වැනිදා එනම් පෙරේදා එම මාසයේ ගනුදෙනු සිදු කළ අවසාන දිනය හේතුවෙන් පරිගණක පද්ධතියේ වැඩිම ගනුදෙනු හා සේවා පහසුකමක් ලබා දීමට ක්‍රියා කළ දිනයක් වූ නිසා අධික ධාරිතාවකින් ගනුදෙනු සිදුවීම හේතුකොටගෙන එම පද්ධතියේ දෝෂයක් හටගත් බව ද හෙතෙම සඳහන් කළේය.

එම හේතුවෙන් ඊයේ දවසේ මුල් පැය කිහිපයේ බැංකු ගනුදෙනු පහසුකම් ලබා ගැනීමේදී යම් යම් ප්‍රමාදයන් හා බාධාවීම්වලට ගනුදෙනුකාර භවතුන්ට මුහුණ දීමට සිදු වූ බවද ෆොන්සේකා මහතා සඳහන් කළේය.

මේ තත්ත්වයෙන් වහාම මිදී පරිගණක පද්ධතිය යළි සක්‍රිය කොට, දෝෂ සකසා නැවත ගනුදෙනුකාර සේවා බලගැන්වූ බව රසල් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.

ලංකා බැංකුවේ මහා කළමනාකාරවරයා මේ බව පැහැදිලි කළේ ඊයේ සිය බැංකුවේ ගනුදෙනුකාර සේවාවල යම් බිඳ වැටීමක් සිදුවිණි දැයි ‘දිනමිණ’ කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිනි.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT