ඉන්දීය ජනතාව ක්‍රිකට් දෙවියන් ලෙස සළකන සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ ජීවමාන ප්‍රතිමාවක් මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී අද පස්වරු 5.00ට විවෘත කෙරුණි.
සචින් ටෙන්ඩුල්කාර් 50 වැනි උපන් දිනය පසුකිරීම වෙනුවෙන් මෙම ප්‍රතිමාව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගයට පෙරදා එළිදැක්වීම විශේෂත්වයකි.
වන්කඩේ ක්‍රීඩාංගණයේ පිහිටි ‘සචින් තෙන්ඩුල්කාර් ක්‍රීඩාගාරය‘ ආසන්නයේ මෙම ප්‍රතිමාව ඉදිකොට තිබේ.
මහාරාෂ්ට්‍ර ප්‍රධාන ඇමැති එක්නාත් සින්ඩේ හා ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා ඇතුළු මැති ඇමැතිවරු රැසක් මෙම උත්සවයට සහභාගී වූහ.
දශක දෙකක සාර්ථක වෘත්තීය ක්‍රිකට් ජීවිතයකින් පසු, සචින් 2013 නොවැම්බර් මාසයේදී වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඔහුගේ 200 වැනි සහ අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය. සචින් ඔහුගේ පළමු රංජි කුසලාන තරගය ක්‍රීඩා කළේ ද 1988 දී වන්කඩේහිදී ය.
ප්‍රින්ස් ගුණසේකර මුම්බායි වන්කඩේ පිටියේ සිට