Home » ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයෙන් ක්‍රිකට් ලෝක කුසලානයට නව තහනමක්

ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයෙන් ක්‍රිකට් ලෝක කුසලානයට නව තහනමක්

by chanaka
November 1, 2023 4:21 pm 0 comment

පාරිසරික අවශ්‍යතා සඳහා එහි කැපවීම පිළිබිඹු කරන කැපී පෙනෙන පියවරක් ලෙස, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (World Cup 2023) මුම්බායි සහ දිල්ලි නගර ආශ්‍රිතව ගිනිකෙළි ඉදිරිපත් කිරීමක් සිදු නොවන බව සදහන් කරයි.

ඔවුන් ‌මෙම තීරණය ගෙන ඇත්තේ මෙම නගරවල වායු දූෂණය ඉහළ යාම සැලකිල්ලට ගනිමින්ය.
ඒ අනුව දිල්ලි සහ මුම්බායි හි පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළ තරගවලදී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම තහනම් කර ඇති බව වාර්තාවේ.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 33 වැනි තරගයේදී ඉන්දියාව, බ්‍රහස්පතින්දා මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කරන අතර බංගලාදේශය සහ ශ්‍රී ලංකාව ලබන සඳුදා දිල්ලි හි ෆෙරෝස් ෂා කොට්ලා හිදී තරග කරනු ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT