535
චීනයේ හන්ජොහි පැවති සිවුවැනි ආසියානු පැරා ක්‍රීඩා උලෙළේදී පදක්කම් 11ක් දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළෙන් යළි මෙරටට පැමිණියේය. මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගනිමින් රටවල් 33ක් අතුරින් 18 වැනි ස්ථානය පත් විය. පිරිස පිළිගැනීම සඳහා ක්‍රීඩා රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් පිරිසක් සමඟ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මවුපියන් සහ හිතවතුන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.
කටුනායක – ටී. කේ. ජී. කපිල