ලෝක පාපන්දු පිටියේ සුපිරි තරුවක් වන ආජෙන්ටිනාවේ ලයනල් මෙසී වසරේ පාපන්දු ක්‍රීඩකයාගේ සම්මානයෙන් පිදුම් ලැබුවේය. 36 හැවිරිදි මේ විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයා පෙරේදා ප්‍රංශයේ පැරිස් නුවර පැවැති පාපන්දු සම්මාන උලෙළේදී Ballon d’Or සම්මානයෙන් පිදුම් ලැබුවේ අටවැනි වරටය.
පළමුවරට 2009 වසරේදී එම සම්මානයට පාත්‍ර වූ මෙසී අනතුරුව 2010, 2011 සහ 2012 වසර තුනේදී පිට පිටම දිනාගත් අතර, අනතුරුව 2015, 2019 සහ 2021දිත් Ballon d’Or සම්මානය දිනා ගත්තේය.
Ballon d’Or සම්මානලාභියා ලොව පුරා විසිරී සිටින පාපන්දු මාධ්‍යවේදීන් 100කගේ ඡන්දයෙන් තෝරා ගන්නා අතර, මෙසී හැරුණු විට එම සම්මානය වැඩිම වාර ගණනක් දිනාගැනීමට සමත් වුයේ තවත් සුපිරි පාපන්දු ක්‍රීඩකයකු වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ය. ඔහු එම සම්මානය පස්වතාවක් දිනාගත්තේය.