යාපනයේ පාරවල් පහ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයෙක් තිදෙනෙක් යාපනය පොලිසිය විසින් පෙරේදා (30) අත්අඩංගුවට ගනු ලැබූහ.
පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය යාපනය අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත අදාළ නිවෙස වටලා ඇති අතර, වැටලීමේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ, ගණිකා වෘත්තියේ නිරත කාන්තාවන් දෙදෙනකු හා ඔවුන්ගේ සේවාව ලබා ගැනීමට පැමිණ සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි. ඊට අමතරව නීති විරෝධී ලෙස ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත එම නිවෙසේ පාලකවරයා ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් පස් දෙනා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ