Saturday, April 19, 2025
Home » කොළඹ විශ්ව විද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ පරිසංවාදය හෙට ඇරඹෙයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ පරිසංවාදය හෙට ඇරඹෙයි

by yasara
November 1, 2023 2:57 pm 0 comment

කොළඹ විශ්ව විද්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වාර්ෂික පර්යේෂණ සම්භාෂය හෙට(02) සවස 1.30 ටවිශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී ආරම්භ වීමට නියමිතය.

ලෝක ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම සිටින ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලය මෙවර සංවිධානය කර ඇති මෙම පර්යේෂණ පරිසංවාදය Research Excellence and Beyond තේමාව යටතේ මෙවර පැවැත්වෙයි.

වසර 153 ක පමණ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන කොළඹ විශ්ව විද්‍යාලය විසින් වසරකට පර්යේෂණ පත්‍රිකා 635 ක් පමණ එළි දැක්වෙයි.

අධ්‍යයන පීඨ 10 ක්, ආයතන 06 ක් ,ශ්‍රිපාලි මණ්ඩපය හා පරිගණක පාසල ඇතුළු ආයතන 19 කින් සැදුම්ලත් කොළඹ විශ්ව විද්‍යාලය තුළ මේ වන විට විද්‍යාර්ථයන් විශාල ප්‍රමාණයක් අධ්‍යාපනය ලබයි.

විශ්ව විද්‍යාල පාඨමාලා 425 ක් හා අචාර්ය  උපාධි පාඨමාලා 95 ක් පමණ සමන්විත අධ්‍යයන වටපිටාව තුළින් බිහිවන පර්යේෂණ ප්‍රතිඵල මෙම උත්සවයේ දී ඇගයීමට ලක්වෙයි.

මෙම සමාරම්භ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස නවසීලන්ත තානාපතිතුමා සහභාගීවීමට නියමිත අතර විශේෂිත ආරාධිත දේශන තුන සඳහා මහබැංකු අධිපති අචාර්ය නන්දලාල් විරසිංහ මහතා,අචාර්ය අලකා සිංහ මහත්මිය හා මහචාර්ය දමින්ද අලහකෝන් මහතා සහභාගී වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT