වෛද්‍ය සායනයක් සඳහා සිය පුතා සමඟ යතුරුපැදියේ නැගී අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත අද (01) උදෑසන ගමන් කරමින් සිටි කාන්තාවක් ගල්කුලම යකල්ල මාර්ගයේ උට්ට්මඩුව ප්‍රදේශයේ දී වන අලියෙකුගේ ගැටීමෙන් මියගොස් ඇතැයි තිරප්පනේ පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කුට්ටිකුලම ග්‍රාමයේ පදිංචි වයස අවුරුදු 40ක් වූ ආර්.ලලිතා කුමාරි චන්ද්‍රලතා නැමති තිදරු මවකි.
මියගිය කාන්තාව,තම පුතාගේ උදරයේ වූ රෝගාබාධයක් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත පුතාගේ යතුරුපැදියේ නැගී අද (01) අලුයම 6.00 ට පමණ නිවසින් පිටත් වී තිබේ. රෝහලට යන අතරතුරදි ගල්කුලම යකල්ල මාර්ගයේ උට්ට්මඩුව ප්‍රදේශයේ වන අලි නිතර මාරුවන වංගුව සහිත ස්ථානයක දී උදෑසන 6.20 ට පමණ යතුරුපැදිය වන අලියෙකුගේ ගැටී තිබේ.
එම අවස්ථාවේ දී පසුපැදිකාරිය වූ තිදරු මව, වනඅලියාගේ පාදවලට යට වී බරපතළ තුවාල ලබා සිටිය දී අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
යතුරු පැදිය පැදවු පුතා යතුරු පැදියෙන් විසිවීම නිසා සුළු තුවාල ලබා ඇත වන අලියාගෙනි ඔහු දිවි ගලවාගෙන තිබේ
අනතුර සිදු වූ උට්ට්මඩුව ප්‍රදේශයේ මෙම ස්ථානය දිනපතා සවස හා උදෑසන කාලවල දී වන අලි පාර මාරු වන නිසා අනතුරු සිදුවන බව ප්‍රදේශවාසීහු පැවසූහ.