Home » ඉන්ධන මිල සංශෝධනය කරයි

ඉන්ධන මිල සංශෝධනය කරයි

-පෙට්‍රල් රු.9කින් බසී / ඩීසල් රු.5කින් නඟී

by sachintha
November 1, 2023 1:09 am 0 comment

ලෝක වෙළඳ පොලේ පවතින ඉන්ධන මිල ගණන් සැලකිල්ලට ගෙන ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ .

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් නමයකින් පහත දමා තිබෙන අතර ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 356 කි.

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ නංවා තිබෙන අතර ඒ අනුව එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 423 කි.
ඊට අමතරව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබෙන අතර එහි නව මිල රුපියල් 356කි.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ නංවා තිබෙන අතර එම වර්ගයේ ඩීසල් ලීටරයක මිල රුපියල් හාරසිය තිස් එකක් වන අතර රුපියල් 7කින් ඉහළ දමා තිබෙන භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 249කි .

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT