Home » ‘සහසක් නිමැවුම්’ තරගයේ පාසල් අංශයේ ලෝකඩ පදක්කම පෝද්දිවල මහා විදුහලේ හෙසඳු හිරුනකට

‘සහසක් නිමැවුම්’ තරගයේ පාසල් අංශයේ ලෝකඩ පදක්කම පෝද්දිවල මහා විදුහලේ හෙසඳු හිරුනකට

by sachintha
November 1, 2023 1:02 am 0 comment

‘සහසක් නිමැවුම්’ නව නිපැයුම් තරගාවලියේ පාසල් අංශ නියෝජනය කර ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ ගා/පෝද්දිවල මහා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එල්. එච්. හෙසඳු හිරුනක සිසුවා සමත්ව තිබේ.

දෙවසරක කාලයක් කොඳු ඇට පෙළ ආශ්‍රිත ස්නායු ආබාධයකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටි මේ සිසුවා පොල් කටුවලින් නිර්මාණය කර තිබූ පරිසර හිතකාමී ජංගම දුරකතන රඳවනය සහ පරිසර හිතකාමී ලුනු පොල් කටුවක් වෙනුවෙන් මේ ජයග්‍රහණය හිමිවී ඇත.
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව සංවිධාන කළ මේ තරගාවලියේ ත්‍යාග සහ සහතික ප්‍රදානෝත්සවය පසුගිය 26 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ඒ සඳහා හෙසඳු රෝද පුටුවක ආධාරයෙන් පැමිණ තමන්ට හිමි පදක්කම සහ සහතිකය ලබා ගත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT