Monday, April 21, 2025
Home » ඉන්දීය මුදල් ඇමැතිනී අද ශ්‍රී ලංකාවට

ඉන්දීය මුදල් ඇමැතිනී අද ශ්‍රී ලංකාවට

by sachintha
November 1, 2023 1:11 am 0 comment

ශ්‍රී ලංකා – ඉන්දියා මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගනිමින් නිල සංචාරයක් සඳහා ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාම් මහත්මිය අද (01) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය මුදල් ඇමැතිනිය මෙරට රැදී සිටින කාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි මහත්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. මෑත කාලයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික සහ මූල්‍ය අර්බුදය සමනය කර ගැනීමෙහිලා කලාපීය සහ අන්තර්ජාතික මට්ටමින් ශ්‍රී ලංකාවට සහාය ලබාදීම වෙනුවෙන් ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාම් මහත්මිය සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ අතර ණය ප්‍රතිව්‍යුහගතකිරීම සඳහා සහාය ලබාදෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටුකළාය.
මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT