ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය අභාවප්‍රාප්ත දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක් බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබේ.
මෙම සිද්ධිය පිළිබද සිදුකරන ලද විශේෂඥ පර්යේෂණ ඇතුළු කරුණු සළකා බැලීම තුළින් මෙහිදී අපරාධයක් සිදු වී ඇතැයි මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය තීන්දු කරනු ලැබුවාය.
ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාට මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කරනු ලැබීය.
ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවේ මුද්‍රා තැබූ වාර්තාව වෛද්‍යවරුන් විසින් ඊයේ අධිකරණයට භාර දුන් අතර, අනතුරුව මහේස්ත්‍රාත්වරිය අද (01) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණා.
මේ අතර මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති, ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය දේහය මෙම මස 04 වැනිදා ජාවත්ත සුසාන භූමියේ දී භූමිදානය කිරීම සඳහා පවුලේ ඥාතීන්ට බාර දෙන ලෙසත්, මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ නියෝග කරනු ලැබුවාය.
දේහය අදාළ සුසාන භූමිය දක්වා ගෙනවිත් එය භූමිදානය කරන තෙක් අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව සලසන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා බොරැල්ල පොලීසියට එහි දී නියෝග කළේය. අදාළ මරණයට හේතුව සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවේ වෛද්‍ය අසේල මෙන්ඩිස් මහතා ඇතුළු වෛද්‍යවරුන් දෙදෙනෙකු දේහය භූමිදානය කරන ස්ථානයේ රැඳී සිටිය යුතු බවට ද අධිකරණය එහි දී නියම කළා.
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාමට හේතුව සොයා බැලීමට පත් කළ පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවේ වාර්තාවේ ඇතුළත් කරුණු ප්‍රකාශයට පත් කිරීමට පෙර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණ ද මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.