Tuesday, April 22, 2025
Home » සටන් විරාමයක් නෑ-මේ යුද්ධයට කාලයයි -ඊශ්‍රායල අගමැතිගෙන් ප්‍රකාශයක්

සටන් විරාමයක් නෑ-මේ යුද්ධයට කාලයයි -ඊශ්‍රායල අගමැතිගෙන් ප්‍රකාශයක්

by sachintha
November 1, 2023 1:02 am 0 comment

ලොව විවිධ රටවල් විසින් කරනු ලබන සටන් විරාම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත්, මේ යුද්ධයට කාලය බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට ඊශ්‍රායල හමුදාව සිදු කරන මෙහෙයුම් පැසසුමට ලක් කරමින් එරට අගමැතිවරයා එම ප්‍රකාශය සිදු කළ බව වැඩිදුරටත් වාර්තා වේ.

ඊශ්‍රායල හමුදාව තවදුරටත් ගාසා තීරයේ ඉදිරියටම යන බවත්, ඉන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට අවස්ථාව විවර වනු ඇති බවත් නෙතන්යාහු සඳහන් කර තිබේ.

කිසිදු ජීවිත හානියකින් තොරව සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට ඊශ්‍රායල හමුදාව කැප වී සිටින බව ද අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම ත්‍රස්තවාදයට හා ම්ලේච්ඡත්වයට යටත් වන ලෙසට කරන ඉල්ලීමක් බව ද ඔහු අවධාරණය කර ඇතැයි වාර්තා වේ. ‘එහෙම වෙන්නේ නෑ. බයිබලය පවසන්නේ සාමයට කාලයක් සහ යුද්ධයට කාලයක් තිබෙන බවයි‘ නෙතන්යාහු එසේ සඳහන් කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT