Home » මහල් නිවාසවල අයිතිය පැවරීම ගැන සොයා බැලීමක්

මහල් නිවාසවල අයිතිය පැවරීම ගැන සොයා බැලීමක්

by chanaka
November 1, 2023 4:09 pm 0 comment

මහල් නිවාසවල පදිංචිව සිටි මුල් අයිතිකරුවන්ගේ දරුවන් වෙත සින්නක්කරව අයිතිය පැවරීමට ඇති හැකියාව සොයා බලන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත මෙන්ම අමාත්‍යංශයේ මහජන දිනයේද ජනතාවගෙන් එවැනි ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවයි.

ඒ අනුව බොරැල්ල, ඕවල් වීව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකකයන්හි මුල් අයිතිකරුවන්ගේ දරුවන් වෙත සින්නක්කරව සෘජුවම පැවරීම සඳහා අනුමැතිය ඉල්ලමින් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

බොරැල්ල, ඕවල් වීව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය මධ්‍යම අදායම් නිවාස ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය සේවකයන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද්දකි. එය නවීන අංගෝපාංග වලින් යුක්තව මහල් නිවාස 24න් සමන්විත වේ.

නිවාස ඒකක 608න් සහ වාණිජ ඒකක 5කින් මෙම නිවාස සංකීර්ණය සමන්විත වේ.

ඒ අනුව නිවසට අදාළව සම්පූර්ණ වටිනාකම හා දඩ මුදල් ගෙවා අවසන් කරන ලද ගැනුම්කරුවන් 247ක් වෙත මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාස සින්නක්කර පදනම මත බැහැර කිරීම සිදුකර ඇත.

මුල් අයිතිකරු ජීවත්ව සිටියදී ඔහු හෝ ඇය විසින් මෙම නිවසට අදාළව බැංකු ණය මුදලක් ලබාගෙන නොමැති නම් අයිතිකරුගේ දරුවන් සඳහා අදාළ නිවසේ හිමිකම සෘජුවම පැවරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත බලය පවරන ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT