Saturday, April 19, 2025
Home » රේගු ආදායම වාර්තා ගත ලෙස ඉහළ මට්ටමකට

රේගු ආදායම වාර්තා ගත ලෙස ඉහළ මට්ටමකට

by yasara
November 1, 2023 12:13 pm 0 comment

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ වැඩිම රේගු ආදායම පසුගිය ඔක්තෝබර් මාසයේ දී ලබාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරී සීවලී අරුක්ගොඩ මහතා සදහන් කළේ ය.

ඒ අනුව ඔක්තෝබර් මාසයේදී රේගුව ලැබූ ආදායම රුපියල් බිලියන 109 කී.

රේගුව බදු රැස් කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම මෙලෙස රේගු බදු ආදායම ඉහළ යාමට හේතු වූ බව ද මෙම වසරේ අපේක්ෂා කරන රේගු ආදායම රුපියල් බිලියන 925 ක් බවද රේගු මාධ්‍ය ප්‍රකාශක වරයා සදහන් කළේය.

මේ වසරේ මෙතෙක් ලැබූ රේගු ආදායම රුපියල් බිලියන 760කී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT