520
බලංගොඩ දෙතනගල රක්ෂිත ජල පෝෂක ප්‍රදේශයට අද (01) අලුයම තෙක් ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.
එම මාර්ගයේ මාරතැන්න වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇත.
දෙතනගල රක්ෂිතය හරහා පිහිටි හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ වර්ෂාව පවතින කාලය තුල ප්‍රධාන මාර්ගයට පස් කදු සහ ගස් කඩා වැටිමේ අවධානමක් පවතින නිසා එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.