Home » වැල්ලවාය – බෙරගල මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා

වැල්ලවාය – බෙරගල මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා

by yasara
November 1, 2023 11:13 am 0 comment

පවතින වර්ෂාවත් සමඟ වැල්ලවාය  – බෙරගල ප්‍රධාන මාර්ගයේ පහල විහාරගල ගල්කන්ද ප්‍රදේශයේ දී මාර්ගය ට පස්කන්දක් සමඟ විශාල ගල්පර්වතයක් කඩා වැටීමෙන් වැල්ලවාය  බෙරගල මාර්ගයේ රථ වාහන ධාවනය ඊයේ (31) පස්වරුවේ සිට තවමත් ඇණ හිට ඇති හෙයින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට  හපුතලේ පොලිසිය   රියදුරන් ට අද (1) දැනුම් දී ති‌‌බෙයි.

ඌව පලාතට පතිත වන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ වැල්ලවාය  – බෙරගල ප්‍රධාන මාර්ගයට පහල විහාරගල ගල්කන්ද ප්‍රදේශයේ දී ඊයේ  පස්වරු 6 ට පමණ මෙසේ එක්වරම පස්කන්දක් සමඟ විශාල ගල්පර්වතයක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමනින්ම නතර වී තිබිණි

හපුතලේ පොලිසිය ,මාර්ග සංවර්ධන අධ්කාරිය,  කොස්ලන්ද පොලිසිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්වී බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මාර්ගය ට කඩාවැටී තිබූ පස්කදු ඉවත් කලද, මාර්ගය ට කඩා වැටී ඇති විශාල ගල්පර්වතය ඉවත් කිරිම අපහසු වී ඇති බවත් පොලිසිය සදහන් කළේය

මේ හේතුවෙන් ඊයේ (31)  පස්වරුවේ සිට වැල්ලවාය  බෙරගල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය මේ වන විටත් සම්පූර්ණයෙන්ම ඇන හිට තිබූ බවද හපුතලේ පොලිසිය පවසයි.

වැල්ලවාය  බෙරගල  මාර්ගය වෙනුවට විකල්ප මාර්ගය ලෙස  වැල්ලවාය  ඇල්ල කුඹල්වෙල බණ්ඩාරවෙල හපුතලේ බෙරගල මාර්ගය භාවිතා කරන ලෙසට හපුතලේ පොලිසිය රථ වාහන රියදුරන් ගෙන් ඉල්ලති .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT