Home » ඉන්දීය මුදල් අමාත්‍යවරිය නිල සංචාරයකට දිවයිනට පැමිණෙයි

ඉන්දීය මුදල් අමාත්‍යවරිය නිල සංචාරයකට දිවයිනට පැමිණෙයි

by yasara
November 1, 2023 9:57 am 0 comment

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතා රාම් මහත්මිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා අද (01) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

ඇය සමග දූත පිරිස ලෙස තවත් එරට මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 06 දෙනෙකු ද පැමිණ තිබෙයි.

අද උදෑසන 08.31 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළේ සිට  මහනුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT