343
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 අයවැය වාර්තාව මුදල් අමාත්‍යවරයා වශයෙන් නොවැම්බර් මස 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයවැය පිළිබඳ විවාදය නොවැම්බර් 13 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වෙන බවය.
ඒ අනුව අයවැය විවාදය දින 26 ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය ලබන 14 වැනිදා සිට ආරම්භ වේ. එම විවාදය ලබන 21 දක්වා (ඉරිදා දින හැර) දින 7ක් පැවැත්වෙනු ඇත.