Home » ජාතික ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක් පත් කෙරේ

ජාතික ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක් පත් කෙරේ

by yasara
October 31, 2023 11:34 am 0 comment

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කීරීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (31) පියවර ගනු ලැබුවේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග අමාත්‍යවරයා පැවැත්වු විශේෂ සාච්ඡාවකදී මෙම පත්වීම ප්‍රදානය සිදුකරනු ලැබීය.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා 1992 වර්ෂයේ දී රාජ්‍ය සේවයට එක්වු අතර වර්ෂ 2000 දී විශේෂඥ වෛද්‍යවරයකු බවට පත්වු එතුමා මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරනු ලබයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT